විදෙස්

ඉන්දියාවේ සිට පුටින්ගෙන් යුක්‍රේනයට අනතුරු ඇඟවීමක්

යුක්‍රේනයට අයත් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා.

මේ වනවිට ඉන්දියාවේ සංචාරයේ නිරත පුටින් එරට ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමිනුයි මේ බව කියන සිටියේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවයි.

“අපි ඩොන්බාස් බලහත්කාරයෙන් ලබාගන්නවා. එසේ නොවීමට යුක්‍රේන හමුදා එම ප්‍රදේශවලින් ඉවත්විය යුතුයි” යනුවෙනුයි හෙතෙම පැවසුවේ.

යුද්ධය අවසන් කිරීමට රුසියානු නායකයා කැමති වනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමක ව්ලැදිමියර් පුටින් මේ බව ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

මේ වනවිට ඩොන්බාස්වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර, එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටිනවා.

කෙසේ නමුත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සඳහන්.

Shares: