දේශීය

කල්පිටිය මුහුදු තීරයේ මත්ද්‍රව්‍ය පිරවූ බෝට්ටුවක් හසුවෙයි

කල්පිටිය මුහුදු තීරයේදී, නාවික හමුදා නිලධාරීන් විසින් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොර උර 03 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14යි ග්‍රෑම් 802ක් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (05) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදීයි.

අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Shares: