පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු වැඩිවී ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය මෙම රිය අනතුර සඳහා ප්‍රධානතම හේතුව බවයි.
එමෙන්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරනු ලබන රියදුරන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේත් දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
සේනාධීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ රිය අනතුරේදී පරීක්ෂණ සිදුකළ ආකාරය පිලිබඳව ද මාධ්‍යවේදීන් එහිදි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතාගෙන් විමසීමක් සිදු කළා.
එහිදී ඔහු පැවසුවේ අදාළ නිලධාරීන් විසින් රාජකාරි නිසි ලෙස සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පිරීක්ෂණ පවත්වන බවයි.











