දේශීය

“පිටිපන කොත්තුවා” අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහ එගොඩගේ නිමේෂ් රන්දික පෙරේරා නොහොත් “පිටිපන කොත්තුවා” නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශගතව සිටින පාතාල අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හඳයා නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ආමි අසංගට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය මෙම සැකකරු විසින් හෝමාගම පොලිස් බල ප්‍රදේශය තුළ තොග සහ සිල්ලර ලෙස අලෙවි කරන බවත් වාර්තා වී තිබෙනවා.

සැකකරු සම්බන්ධව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිදුකරන ලද ආවේක්ෂණයේදී ලබා ගන්නා ලද තොරතුරු මත එම බළකායේ කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 17,830ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20,320ක් ද මෙහිදී නිලදාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

Shares: