මෙම වසරේ ජනවාරි 01 වනදා සිට 25 වනදා දක්වා ගතවූ කාලය තුළ රිය අනතුරු 1,375ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ඒ අතර, මාරක රිය අනතුරු 147ක් සිදුව ඉන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළා.











