ක්‍රීඩා

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට කඩුලු 4ක ජයක්

වයස 19න් පහළ (යොවුන්) එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ අද (26) ඇෆ්ගනිස්තානය⁣ට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගය මෙය වනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානයට පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 193ක් පමණයි.

එහිදී ඔස්මන් සදාට් ලකුණු 61ක් සහ අසිසුල්ලාහ් මියාඛිල් ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේදී කුගදාස් මදුලන් සහ විරාන් චමුදිත කඩුලු 2 බැගින් දවා ගත්තා.

 ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ  ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 46.5කදී කඩුලු 6ක් දැවී තිබියදී ලකුණු 194ක් රැස්කර සිය ජයග්‍රාහණය වාර්තා කළා.

 

 

Shares: