දේශීය

පොලිස් කාන්තාවක් හෙරොයින් සමග අල්ලයි

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ (26) පස්වරුවේයි මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය සතුව තිබූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක්.

අදාළ පොලිස් කොස්තාපල්වරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: