කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) දිනය අවසානයේ සුළු ඉහළ යෑමක් වාර්තා කරමින් සාර්ථකව නිමාවට පත් වුණා.
අද දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.49 කින් ඉහළ ගිය අතර, ඒ අනුව දර්ශකයේ අගය 23,768.99 ක් ලෙස සටහන් වූ බවයි කොටස් වෙළඳපොල සඳහන් කළේ.
එමෙන්ම දිනය අවසානයේ මුළු පිරිවැටුප රුපියල් බිලියන 11.1ක්.











