සුපර් 8 වටයේ තීරණාත්මක ශ්‍රී ලංකා – නවසීලන්ත T20 තරගය මේ වන විට දැන් ආරම්භ වුණා. අර්ධ අවසන් වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු වනවා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව, මුල් පියවරේම තරගයේ පාලනය අතට ගන්නට සමත් වුණා. විශේෂයෙන්ම මහීෂ් තීක්ෂණ ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්ත පිතිකරුවන් දැඩි අර්බුදයකට ලක් වී තිබෙනවා.
මේ වන විට තත්ත්වය:
නවසීලන්තය – 84/5 (11.4 ඕවර්)
දැවී ගිය පිතිකරුවන්:
* රචින් රවින්ද්‍ර
* Glenn Phillips
* Tim Seifert
* Finn Allen
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ක්‍රියාකාරීත්වය හමුවේ නවසීලන්තයේ මැද පෙළ දැඩි පීඩනයකට ලක්වී තිබෙනවා. මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට අර්ධ අවසන් වටයේ දොරටු විවෘත කරනු ඇත.
අවසන් ප්‍රතිඵලය කෙසේ වෙයිද? 🔥
රසිකයින්ගේ නෙත් දැන් ක්‍රීඩාංගණයට











