2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දින අවසන් වීමට නියමිතය. විභාගය නිමාවත් සමඟ සිසුන්ගේ හැසිරීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, පසුගිය වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී විභාග අවසන් දිනයේ සිසුන් කණ්ඩායම් කළහකාරී ලෙස හැසිරීමේ වැඩි ප්‍රවණතාවක් නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව, මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා විශේෂ ආරක්ෂක සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිසිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, විභාගය අවසන් වීමෙන් අනතුරුව තම දරුවන්ගේ ගමනාගමන, එකතුවීම් සහ හැසිරීම් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙසයි.
සිසුන් අහිතකර ක්‍රියාවලට පෙළඹීම වැළැක්වීම සඳහා දෙමාපියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ද අවධාරණය කර තිබෙනවා.
විභාග අවසන්වීම සතුටුදායක අවස්ථාවක් වුවත්, එය සමාජයට ගැටලුවක් නොමැතිව සැමරීම සෑම දෙනාගේම වගකීමකි











