හොරණ පොලිස් බල ප්රදේශය තුළ සිදු කළ විශේෂ රථවාහන පරීක්ෂණ මෙහෙයුමකදී දෝෂ සහිත වාහන 15 කට ධාවනය තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇති බව ශ්රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.
මෙම මෙහෙයුම තුළ සමස්ත වශයෙන් වාහන 107ක් පරීක්ෂා කර ඇති අතර, අනෙකුත් රථවාහන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 35 දෙනෙකුට එරෙහිවද නීතිමය පියවර ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ආලෝක සහ සංඥා පද්ධති දෝෂ සහිත වාහන, බ්රේක් පද්ධති අසමත් වාහන, පැති කණාඩි නොමැති වාහන මෙන්ම ආරක්ෂිත හිස් ආවරණ (helmet) භාවිත නොකළ යතුරුපැදි ධාවකයන් සම්බන්ධයෙන්ද නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බවයි.
රථවාහන අනතුරු අවම කිරීමේ අරමුණින් මෙවැනි විශේෂ පරීක්ෂණ ක්රියාත්මක කරනු ලබන අතර, දෝෂ සහිත වාහන මාර්ග අනතුරු සඳහා ප්රධාන හේතුවක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.











