ශ්‍රී ලංකාව තුළ පිරිමි සහ කාන්තා සාක්ෂරතා අනුපාතය දැන් සමීප මට්ටමකට පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම කාන්තා සාක්ෂරතාව 97% දක්වා ඉහළ යාම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.
මුළු ජනගහනය හා පාසල් නොගිය පිරිස
වයස 25ට වැඩි ජනගහනය – 13,871,317
පාසල් නොගිය පිරිස – 400,511
පිරිමි – 136,168
කාන්තාවන් – 264,343
අධ්‍යාපන මට්ටම් අනුව බෙදාහැරීම.
ප්‍රාථමික (1–5 ශ්‍රේණි) – 1,738,942
ද්විතීය (6–10 ශ්‍රේණි) – 8,096,402
6–8 ශ්‍රේණි – 1,655,756
9–10 ශ්‍රේණි – 3,385,775
අ.පො.ස (සා.පෙළ) හෝ සමාන – 3,054,871
අ.පො.ස (උ.පෙළ) හෝ සමාන – 2,677,022
උසස් අධ්‍යාපනය
තෘතියික අධ්‍යාපනය – 3,635,462
උපාධි – 780,958
පශ්චාත් උපාධි ඩිප්ලෝමා – 89,598
පශ්චාත් උපාධි – 76,127
ආචාර්ය උපාධි (PhD) – 11,757
දිස්ත්‍රික්ක අනුව විශේෂතා
පාසල් නොගිය පිරිස වැඩිම – නුවරඑළිය (8.3%), මඩකලපුව (6.6%), බදුල්ල (6.0%)
2012ට සාපේක්ෂව – සියලු දිස්ත්‍රික්කවල මෙම අගය පහළ වැටී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ – වැඩිම ප්‍රතිශතය උසස් පෙළ හෝ ඉහළ සුදුසුකම්
ඩිජිටල් සහ පරිගණක සාක්ෂරතාව
වතු අංශයේ පරිගණක සාක්ෂරතාව – 14.9%
ඩිජිටල් සාක්ෂරතාව – 50.2%
පරිගණක සාක්ෂරතාව වැඩිම – කොළඹ
අඩුම – මන්නාරම
සෑම දිස්ත්‍රික්කයකම ඩිජිටල් සාක්ෂරතාව 50%ට වැඩි
මෙයින් පෙන්වන්නේ මොනවාද?
ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ දියුණුවක් ලබමින් සිටිනවා කාන්තා බලගැන්වීම ඉහළ යමින් පවතිනවා නමුත් තවමත් පාසල් නොගිය පිරිසක් තිබීම අවධානයට ගත යුතුයි











