කාළගුණයදේශීය

අද කාලගුණය දිවයින පුරා වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වනවා.

එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ජනතාවට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටී. විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම සහ ගස් ආසන්නයෙන් ඉවත්ව සිටීම වැදගත් වේ.

ආරක්ෂිතව සිටින්න… කාලගුණ තත්ත්වය පිළිබඳ නවතම යාවත්කාලීන සඳහා අප සමඟ රැඳී සිටින්න!

 

Shares: