නිදන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට විශ්රාමික මේජර් ජනරාල්වරයකු ඇතුළු පස් දෙනෙකු ඊයේ (23) රාත්රී කාලයේදී බෙලිඅත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසනවා.
ගම්වැසියන්ගෙන් ලද ඔත්තුවට අනුව අත්ඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
බෙලිඅත්ත දික්වැල්ල මාර්ගයේ දොලහේන වත්තට යන මාර්ගයේ අක්කර 12ක ඉඩමක මෙම පිරිස රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් අය අතර කට්ටඩියෙකුද සිටින බව පොලිසිය සඳහන් කරනවා.
මෙම පිරිස අත්අඩංගුවට ගත් වත්තේ යම් පූජාවක් පවත්වා ඇති බවට සලකුණු ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
විශ්රාමික මේජර් ජනරාල්වරයා හෝමාගම පදිංචිකරුවකු වන අතර සෙසු සැකකරුවන් හොරණ ගෝවින්න ප්රදේශයේ පදිංචිකරුවන්ය. මෙම විශ්රාමික මේජර් ජනරාල්වරයා හමුදාවේ ජනප්රිය චරිතයක් වන අතර ඔහු කලක් රණවිරු සේවා අධිකාරියේද ප්රධානියකු ලෙස කටයුතු කර තිබෙනවා.











