දැන් සාමාන්‍ය ජනතාවට වගේම ලොකු ලොක්කන්ටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙරට ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් මෙතෙක් නීතිය හරි හැටි ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසයි සමහරුන්ට රනිල් අත්අඩංගුවට ගැනීම මැජික් එකක් වෙලා තියෙන්නෙ යැයි ඇමැති ලාල් කාන්තා පවසනවා.
අද (24) මහනුවර දී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා..
” ඉදිරියේ තව තව අයටත් නීතියට ක්‍රියාත්මක වෙයි. එතකොට දැන් කෑ ගහන අයටත් හිතෙයි දැන් රටේ නීතය කාටත් ඒකයි කියලා. මේක කෑ ගහන්න තරම් මාතෘකාවක් නෙමෙයි , පොදු දේපල අවභාවිතා කළොත් තරාතිරම නොබලා අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. ”











