දේශීය

ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර කාන්තාවක් ද වන බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැඩි 12,400ක් සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන තිබෙනවා.

ඔවුන් කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය පැවසුවේ එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකු බවයි.

Shares: