දේශීය

ලංගමට අයත් තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම අද ඇරඹේ..

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම අද (19) ආරම්භ වනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මග පෙන්වීමෙන්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය ශක්තිමත් කර සේවා ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා මගී සුවපහසුව වැඩිදියුණු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ බවයි ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව අත්හැර දැමූ ග්‍රාමීය ප්‍රවාහන සේවාවන් නැවත ආරම්භ කිරීම, බස් රථවල මනා නඩත්තුව සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සිදු කෙරෙනු ඇති.

ඩිපෝ සඳහා නව ආදායම් මාර්ග නව සේවා හා ව්‍යාපාර අවස්ථා හඳුන්වාදීම, කාර්ය මණ්ඩල අභිප්‍රේරණය කිරීම සඳහා කාර්ය සාධනය පදනම් කරගත් පද්ධති හඳුන්වාදීම, එම ව්‍යාපෘතිය මගින් සිදු කිරිමට නියමිත වනවා.

Shares: