දේශීය

රජයට ගත් උතුරේ ඉඩම් දේශපාලන වාසි අරමුණින් නිදහස් කරන්නේ නෑ – බිමල්

ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුර පළාතේ ඉඩම් දේශපාලන වාසි අරමුණු කරමින් නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) පැවති යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී යි.

මෙහිදී ඉඩම් ගැටලු පිළිබඳව එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සහ බිමල් රත්නායක අමාත්‍යවරයා අතර ඇතිවූ කතාබහක් සමග රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම මෙලෙස පැවැත්වුණු අතර ඊට එක්වූ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා දිගින් දිගටම උතුරේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මතුකරමිනුයි අදහස් දක්වා තිබුණේ.

Shares: