දේශීය

ශානි අබේසේකර ඇතුළු 03කගේ පෙත්සම් විභාගයට අවසර දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම් ප්‍රේමතිලක යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සන් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.

2020 වසරේ කිසිදු සාධාරණ සැකයක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

Shares: