විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව පැවසෙන ‘මහේෂ් බංඩාර’ ගේ මස්සිනා අවි හා තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී 0නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් සිදුකළ මෙහෙයුමක දීයි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණේ.
ඊයේ (09) පන්නල පොලිස් වසමේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ දී අදාළ වැටලීම සිදු කළ අතර එහි දී අවි ආයුධ සමඟ වයස අවුරුදු 46ක් වන එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දීයි ඇත්තේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) විදේශිය රටක නිශ්පාදිත රිපිටර් වර්ගයේ අවි 01 යි.
2 )විදේශීය නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවි 01 යි.
3) පිස්තෝල අවිය සදහා යොදන පතුරම් ගැබ් 01 යි.
4)9mm වර්ගයේ උණ්ඩ 07 යි.
5) බෝර 12 වර්ගයේ උණ්ඩ 09 යි.
6) කඩු 01 යි.
7) මුදල් රුපියල් 1,100 යි.
8) 791432553V දරණ ජාතික හැදුනම්පත සමග මුදල් පසුම්බි 01 යි.











