දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැළපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින්.
දරුවන්ට දඬුවම් කර නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාව තිබිය යුතු බවත්, බටහිර ලෝකයේ සියලුම නීති ලංකාවේ අධ්‍යාපනයට අනුකරණය කළ යුතු නැතැයි ද කාදිනල් හිමිපාණන් කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අසහස් දැක්වු කාදිනල් හිමියන් ප්‍රකාශ කළේ,
“දරුවා සහ දෙමාපියන් අතර මේ ගට්ටනය ඇති කරලා, දෙමාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද? ගුරුවරුන්ට හිතන්නවත් බෑනේ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා. මෙහෙම කියලා ගුරුවරයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ලු. ඒක වැරදි වැඩක්. මේවා අපිට පිළිගන්න බෑ. බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැළපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි කියලා. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා කරන්න එපා.”
යනුවෙනුයි.











