මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු 77,000කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 330,000ක් දක්වායි පහළ ගොස් ඇත්තේ.
මේ අතර එම වෙළඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 302,300ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එය පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසයි.











