වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි.
වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා පවසනවා.











