ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන රතු බලකොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ප්‍රබල පිපිරීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීමෙන් 08 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෝටර් රථයක් තුළ සිදුව ඇති පිපිරීමත් සමග විශාල ගින්නක් ඇතිවී ඇති අතර එය නිවා දැමීමට ගිනිනිවීම් රථ 20ක් පමණ යෙදවීමට සිදුව තිබෙනවා.
තුවාල ලැබූවන් රැසක් ලෝක් නායක් ජායි ප්‍රසාද් රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
මේ අනුව දිල්ලි නුවරට අධි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර, ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවත් සඳහන්.











