දේශීය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක තවත් බෝට්ටුවක් 06ක් එක්ක මාට්ටු

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට ශ්‍රී ලාංකීක තවත් බෝට්ටුවක් ධීවරයින් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවටගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණ මුහුදු තීරයේදීයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මත්ද්‍රව්‍ය ඇති බවට සැක පාර්සල් 15ක් පමණ එහි තිබී හමුවී තිබෙනවා.

ධීවරයින් සහ බෝටටුව තංගල්ල ධීවර වරායට අද (20) පස්වරුවේ රැගෙන ඒමට නියමිතයි.

Shares: