දිනකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක් පමණ වාර්තා වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අද (20) පාර්ලිමේන්තු අයවැය විවාදයට එක් වූ අවස්ථාවේ පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශේෂයෙන් උතුර පළාතේ වැඩි වශයෙන් මෙම සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා වන බවයි.
එහිදී විජේපාල මහතා ඉදිරිපත් කළ පරිදි උතුර පළාතේ වාර්තා වූ සයිබර් අපරාධ පැමිණිලි ගණන 2020 වර්ෂයේ 24ක් , 2021 වසරේ දී 577ක්, 2022 වසරේ දී 654ක්, 2023 වසරේ දී 472ක් හා 2024 වසරේ දී 1,539ක්.
එමෙන්ම 2025 ඔක්තොබර් 31 දක්වා සයිබර් අපරාධ පිළිබඳව වාර්තාවීම් 2,368ක් වාර්තා වී ඇතැයි ද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එලෙසම රට තුළ බොහෝ දිස්ත්‍රික්කයන්හි පොලිස් මූලස්ථාන මූලිකව අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව යටතේ පරිගණක අපරාධ උප ඒකකයන් ආරම්භ කර ඇති බවයි එතුමා වැඩිදුරටත් අනාවරණය කළේ.











