කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති වර්ණ ප්රදානෝත්සවයකදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති මෙම සිද්ධිය කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව විමර්ශනය කර ඉදිරි ක්‍රියාමාර්ග සහ අවශ්‍ය උපදෙස් ලබා දීමට තීරණය කරන බවයි.











