උණුසුම් පුවත්

අද සිට EPF සාමාජිකත්වයේ සේවාවන් ඩිජිටල් වෙයි

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (29) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව අද සිට මෙම සේවාවන් මාර්ගගතව සිදුකෙරන බවයි.

මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම් පියතිස්ස මහතා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකුයි එක්වූයේ.

Shares: