රෝහල් හා ඔසුසැල්වලට නිකුත් කිරීමෙන් අනතුරුව ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සතුව ඇති පරීක්ෂණාගාර යොදා ගැනීමට කටයුතු කරන බවයි.
ඖෂධවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.











