හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබෙනවා.
ඔහුට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ.
ඒ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුද, පසුගියදා අත්අඩංගුවට ගැනුණා.











