Global Platform For All Sri Lankans

“අනුරගේ පෞද්ගලික ලේකම් වෙන එක ජනාධිපති රනිල්ගේ හීනයක් ” සජිත්

 

ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ කැමැත්ත වන්නේ අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (08) නුවරඑළිය තලවකැලේ පැවති ජනහමුවට එක්වෙමින්.

වත්මන් ජනාධිපතිවරයාගේ විනෝදාංශය වන්නේ තැපැල් කාර්යාල විකිණීම බවත් නුවරඑළිය තැපැල් කාර්යාලය පවා විකුණන්න එයා උත්සාහ කරන බවත් 21 වැනි දා ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ තැපැල් කාර්යාල විකුණන්න නොව ලැයිම් කාමරවලට සීමා වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බවත්,

එසේ ම මේ ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ කැමැත්ත වන්නේ අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම බවත් දැනටමත් ජනාධිපති සහ අනුර කුමාර එකට එකතු වී තමා පරාජය කරන්න මුදල් වියදම් කරන බවත් කවුරු මොන දේ කළත් ජනතාව තමාව ජයග්‍රහණය කරනවා කියා විශ්වාස බව ඔහු සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads