දේශීය

ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යාන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 81 වැනි වියේ පසු වූ බව සඳහන්.

ඒ මහතා කෙටි කලක් රෝගාතුරුව ප්‍රතිකාර ගනිමින් සිටි බවයි සඳහන් වන්නේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) දිනයේ දෙහිවල මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය පෙරවරු 09 සිට දෙහිවල, හිල් වීථිය, සිරිවර්ධන පාර අංක 11/C ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

1944 වසරේදී උපත ලැබූ ඉක්බාල් අතාස් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආරක්ෂක තීරු ලිපි රචකයෙකු ලෙස සේවය කළ අතර ඔහු විදේශිය පුවත් ඒජන්සි කිහිපයකද සේවය කර තිබෙනවා.

ඒ මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණය හේතුවෙන් ඔහුට තර්ජන එල්ල වී තිබුණා.

ඔහු ජාත්‍යන්තර පුවත්පත් සම්මාන කිහිපයක් ද දිනාගෙන ඇති අතර 2000 දී නිව් යෝර්ක් ටයිම්ස් ඔහුව හැඳිවුයේ  “the country’s leading military correspondent ලෙසයි.

 
Shares: