දේශීය

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම අතර අද (13) උදෑසන ලොරියක් සහ බස්රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් එම අවස්ථාවේ මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබු බවයි වාර්තා වන්නේ.

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

දක්ෂිණ අධිවේගී මාර්ග පාලක මැදිරිය සඳහන් කළේ මේ වනවිට රථවාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්කළ බවයි.

Shares: