උණවටුන, පිලාගොඩ ප්රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු සංචාරකයෙකුගෙන් රුපියල් 620,000ක මුදලක් සොරකම් කළ බවට චෝදනා මත, එම හෝටල් හිමිකරුගේ දියණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
උණවටුන සංචාරක පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව කඩිනමින් ක්රියාත්මක වූ නිලධාරීන්, 19 හැවිරිදි සැකකාරිය පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබුණා.
සංචාරකයාගේ කාමරය තුළ සඟවා තිබූ කැමරාවක වීඩියෝ දර්ශන ලබාගැනීමෙන් අනතුරුව, සැකකාරිය කිහිප වතාවක්ම කාමරයට ඇතුළු වන ආකාරය අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා.
අදාළ හෝටලය පසුගිය කාලය තුළ ද සොරකම් සිද්ධි කිහිපයකට ලක්ව ඇති බවත් වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට (24) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.











