කාළගුණය

අද දහවල් 2න් පසු ප්‍රදේශ කිහිපයක වැසි

අද දහවල් 2.00ට පසු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකටත්, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉතිරි ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි සඳහන් කරයි

උදෑසන මුල් පැයවලදී මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත්, අනුරාධපුර, ගාල්ල, මාතර, මොණරාගල, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි හදිසි තද සුළං හා අකුණු පහරවලින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට මහජනතාවට අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස දැනුම් නී තිබෙනවා.

ඔබගේ ගමන්බිමන් සැලසුම් කිරීමේදී කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න

Shares: