එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, දිවයින පුරා සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම සඳුදා (23) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමය තීරණය කර තිබෙනවා.
මෙම නියාමන පරීක්ෂණ සඳහා රටපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 කට අධික පිරිසක් යොදවනු ලබන බව සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කර තිබුණා.
ජනතාවට ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර සහ සේවා ලබාදීම තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන අතර, නීතිවිරෝධී සහ අසම්මත භාවිතයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද අවධාරණය කර තිබෙනවා.











