උණුසුම් පුවත්දේශීය

‘මිදිගම චූටි’ දිවයිනට! – විශේෂ ආරක්ෂාව යටතේ CID භාරයට

විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන ප්‍රභාත් මධුසංඛ නොහොත් “මිදිගම චූටි” අද (30) අලුයම ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

ඕමානයේදී අත්අඩංගුවට ගත් ඔහු,
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර,
පසුගිය වසරේ ඕමාන් ආරක්ෂක බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

CID නිලධාරීන් තිදෙනෙකු ඔහු ආපසු ගෙන්වා ගැනීම සඳහා ඕමානය බලා පිටත් කර යවා තිබෙන අතර,
අද (30) අලුයම 4:27 ට සලාම්එයාර් OV-437 ගුවන් යානයෙන් ඔහු දිවයිනට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහුගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර,
ඉදිරියේදී කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) මූලස්ථානය වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Shares: