කැමරූන් රටේ ගැටුම්වලට ලක්ව ඇති ඇන්ග්ලෝෆෝන් ප්රදේශයේ විශාලතම නගරයක් වන බමෙන්ඩා වෙත අද (බ්රහස්පතින්දා) සංචාරයක නිරත වීමට ලියෝ පාප්තුමන් සැලසුම් කර තිබෙනවා. මෙය ඔහුගේ රටවල් 4කින් සමන්විත අප්රිකානු සංචාරයේ අලුත්ම පියවරක්.
එහෙත්, මෙම සංචාරය අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පාප්වරයාට එල්ල කරන විවේචන නිසා ජාත්යන්තර අවධානය ඉහළ ගොස් තිබෙනවා.
යුද්ධය ගැන පාප්වරයාගේ දැඩි ස්ථාවරය
ඉරාන යුද්ධය පිළිබඳ විවේචනය එල්ල කරන ලියෝ පාප්තුමා, “මම යුද්ධයට විරුද්ධව කතා කිරීම නවත්වන්නේ නැහැ” යැයි Reuters වෙත සඳහන් කර තිබෙනවා.
කැමරූන් අගනුවර යාඋන්ඩේ වෙත පැමිණි පෝප්වරයා, වයස අවුරුදු 93ක් වූ ජනාධිපති පෝල් බියාගේ නායකත්වයෙන් පවතින ආණ්ඩුවට, දූෂණය නැති කිරීමට, බලවත් හා ධනවත් පිරිසගේ බලපෑම්වලට ලක් නොවීමට ඉල්ලීමක් කර තිබෙනවා.
ඇන්ග්ලෝෆෝන් ගැටුම – ඉතිහාසයේ මුල් ඇති ගැටලුවක්
▪️ ජර්මන් කොලනියක් වූ කැමරූන්, පළමු ලෝක යුද්ධයෙන් පසු බ්රිතාන්ය හා ප්රංශය විසින් බෙදාගන්නා ලදී.
▪️ 1960දී ප්රංශ කොටසට ස්වාධීනත්වය ලැබී
▪️ 1961දී ඉංග්රීසි භාෂා කලාපය ඒ සමඟ එක්විය
අද තත්ත්වය
▪️ 6,500කට වැඩි පිරිසක් මරණයට පත්වී තිබෙනවා
▪️ ලක්ෂ 5කට අධික ජනතාව පලා යාමට සිදු වී තිබෙනවා
▪️ පූජකවරුන් පැහැරගැනීම් හා ඝාතන සිදුවෙමින් පවතිනවා
පාප් තුමන්ගේ සංචාරය සැලකිල්ලට ගනිමින්, දින 3ක සටන් විරාමයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
ආගමික නායකයන්ගේ භූමිකාව
“මෙම ගැටුම ආගමික යුද්ධයක් බවට පත් නොවීම සතුටක්” යැයි පාප්තුමන් පැවසූ අතර, ක්රිස්තියානි හා මුස්ලිම් නායකයන්ගේ මැදිහත්වීමෙන් සන්සුන් කල හැකි බවට ඔහු විශ්වාසය පළ කර තිබෙනවා.











