උණුසුම් පුවත්දේශීය

2025/2026 විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ආරම්භ කර තිබෙනවා. අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය මැයි 19.

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් ලබා ඇති සිසුන් සඳහා 2025/2026 අධ්‍යයන වර්ෂයට අදාල රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුළත් වීමේ මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී තිබෙනවා.

මෙම ක්‍රියාවලිය University Grants Commission (UGC) විසින් නිල වශයෙන් නිවේදනය කර ඇති අතර, අයදුම්පත් භාර ගැනීම 2026 මැයි 19 දින දක්වා පමණක් සිදු කරනු ලබන බවට දැනුම් දී තිබෙනවා.

සුදුසුකම් ලත් සියලුම අපේක්ෂකයින්ට තම අයදුම්පත් නිවැරදිව සහ කාලීනව මාර්ගගතව ඉදිරිපත් කරන ලෙස UGC දැඩිව අවධාරණය කර තිබෙනවා.

අයදුම් කිරීම සඳහා නිල වෙබ් අඩවිය, [https://www.ugc.ac.lk/](https://www.ugc.ac.lk/)

අවසාන දිනය තෙක් බලා නොසිට ඉක්මනින් අයදුම් කරන්න, තොරතුරු ඇතුළත් කිරීමේදී නිවැරදි බව තහවුරු කරන්න, ඔබගේ විෂය තේරීම් හොඳින් සලකා බලන්න.

මෙවර විශ්ව විද්‍යාල වරම් ලබාගත් සියලුම සිසු සිසුවියන්ට hit news අපගේ උණුසුම් සුභ පැතුම්!

Shares: