දේශීය

වාහන රියදුරන්ට විශේෂ අනතුරු ඇඟවීමක්! ව්‍යාජ රථවාහන දඩ SMS ගැන අවධානයෙන් සිටින්න

ව්‍යාජ SMS හා WhatsApp පණිවිඩ හරහා රියදුරන් ඉලක්ක කරමින් සිදු කරන සයිබර් වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මෙම වංචනික පණිවිඩවල සඳහන් වන්නේ,
“මාර්ගයේ CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනයක් හඳුනාගෙන ඇති බව” යි.

එම පණිවිඩ ශ්‍රී ලංකා පොලීසියේ නිල දැනුම්දීමක් ලෙස පෙනී සිටින අතර, ජනතාවගේ පුද්ගලික සහ බැංකු තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් යොදාගන්නා බවයි අනාවරණය වී තිබෙන්නේ.

පණිවිඩ සමඟ එවන link එකක් හරහා “දඩ මුදල් ගෙවන්න” යැයි පෙන්වා, රජයේ නිල “GovPay” පද්ධතියට සමාන ව්‍යාජ website එකකට ජනතාව යොමු කරන බවද වැඩිදුරටත් සඳහන් වනවා.

මෙවැනි ව්‍යාජ වෙබ් අඩවිවල ගෙවීම් කිරීමට උත්සාහ කිරීමෙන්, බැංකු කාඩ් තොරතුරු, OTP කෝඩ්, ජාතික හැඳුනුම්පත් තොරතුරු, පෞද්ගලික දත්ත
සයිබර් අපරාධකරුවන් අතට පත්විය හැකි බව CERT අනතුරු අඟවනවා.

ඔබගේ ආරක්ෂාව සඳහා,

SMS/WhatsApp හරහා ලැබෙන සැකසහිත links click නොකරන්න, Online payment කිරීමට පෙර website එක verify කරන්න, Unknown websites වලට card details ලබා නොදෙන්න, OTP codes කිසිවෙකු සමඟ share නොකරන්න, සැකසහිත පණිවිඩ Sri Lanka CERT හෝ පොලීසියට report කරන්න

මතක තබා ගන්න,
“GovPay” හරහා traffic fine ගෙවිය යුත්තේ පොලිස් නිලධාරියෙකු විසින් නිල දඩ පත්‍රිකාවක් ලබා දුන් පසු පමණි.

Online වංචාවලින් ඔබත් ඔබේ මුදල්ත් ආරක්ෂා කරගන්න.
මෙම පණිවිඩය ඔබේ යහළුවන්ටත් share කරන්න!

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *