ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී හර්ෂිතා සමරවික්‍රම මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කිරීමත් සමඟ ඇය නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 194ක දැවැන්ත ජයක් හිමි විය.
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිලේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 4කට ලකුණු 235ක් රැස්කළ අතර, කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිලේ සියලු දෙනා ලකුණු 41කට දැවී ගියහ.
මෙහිදී හර්ෂිතා සමරවික්‍රම පන්දු 135කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 112ක් රැස්කළ අතර, ඇය මෙවර තරගාවලියේ මෙයට පෙර බඳුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 131කදී හතරේ පහර 16ක් සමඟ ලකුණු 140ක් රැස්කළාය. අර්ධ ශතකයක් ලැබූ නිලක්ෂනා සඳමිණි හා හර්ෂිතා සමරවික්‍රම එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 167කදී ලකුණු 119ක සබඳතාවක් එක්කළ අතර, හර්ෂිතා හා දැහැමි සෙනිත්මා එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 71කදී ලකුණු 52ක් ඉනිමට එක් කළහ.
අද නිමාවූ තරගවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිලේ මල්කි මදාරා ලකුණු 11කට කඩුලු 5ක් බිදහෙළූ අතර, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිලේ නිමේෂා මධුෂාණි ලකුණු 13කට කඩුලු 4ක්, හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිලේ දෙව්මි විහංගා ලකුණු 17කට කඩුලු 4ක්, බඳුරලිය කාන්තා ක්‍රිකට් පිලේ හිරුණිකා නිවර්තනා ලකුණු 23කට කඩුලු 4ක් හා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ සත්‍යා සංදීපනී ලකුණු 18කට කඩුලු 4ක් මෙන්ම එම පිලේ ඉනෝකා රණවීර ලකුණු 16කට කඩුලු 4ක් බිදහෙලා දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 4ක් දැවී ලකුණු 235 (50)
හසිනි පෙරේරා 13, නිලක්ෂනා සඳමිණි 61, හර්ෂිතා සමරවික්‍රම 112, දැහැමි සෙනෙත්මා 18, හංසිමා කරුණාරත්න 11, අතිරේක 19 (හරිනි පෙරේරා 25/1, නෙත්මි සංජනා 41/1, නිලක්ෂි කාවින්ද්‍යා 41/1)
කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 41 (19.4)
චමෝදි දේවින්ද්‍යා 25, නෙත්මි උපේක්ෂා 41, සයනී සේනාරත්න 33, හරිනි පෙරේරා, හරිනි පෙරේරා 34, අතිරේක 4 (සත්‍යා සංදීපනී 18/4, ඉනෝකා රණවීර 16/4 )
හලාවත මේරියන්ස්ට කඩුලු 7ක ජයක්
සීසීසී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිලේ ආරාධනයෙන් කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල මුලින් පන්දුවට පහර දුන්නේය.
කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 109 (39.1)
යශෝධා සේනාරත්න 24, විශ්මි සොයිසා 28, සුභද්‍රා සවනී 21, අතිරේක 18 (දෙව්මි විහංගා 17/4, චමරි අතපත්තු 11/2)
හලාවත මේරියන්ස් කාන්තා ක්‍රිකට් පිල කඩුලු 3ක් දැවී ලකුණු 117 (26.5)
චමරි අතපත්තු 14. දෙව්මි විහංගා 33, ඉමාෂා දුලනි නොදැවී 36, මනුදි නානායක්කාර නොදැවී 27 (මදාරා සමරකෝන් 23/2)
ගුවන් හමුදාවට ලකුණු 47ක ජයක්
කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල මුලින් පන්දුවට පහරදීමට ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිලට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9කට ලකුණු 87 (30.2)
හිරුණි පීරිස් 22, සඳනි තිවංකා 21, හර්ෂණී විජේසූරිය 12, අතිරේක 8 (යෙසාලි ජිතාරා 19/2, දේවගී ජෙගනාතන් 17/3, වැනීසා රොද්‍රිගූ 14/3)
ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 40 (16)
යෙසාලි ජිතාරා 13, මල්ෂා මධුෂානි 8, අතිරේක 4(මල්කි මදාරා 11/5, තාරුකා ෂෙහානි 8/2, මල්ෂා ෂෙහානි 1/2)
පානදුර පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යය යටතේ ලකුණු 13ක ජයක්
පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල පන්දු රැකීමට තීරණය කොට පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
පානදුර ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 90 (39.5)
අශිනි කෞෂල්‍යා 33, රශ්මිකා සෙව්වන්දි 10, අමාදි විජේසිංහ 11, අතිරේක 16 (අචිනි කුලසූරිය 16/3, නිමේෂා මධුෂාණි 13/4)
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 77 (28)
නිලූකා ක්‍රිෂාන්ති 10, නිලක්ෂිකා සිල්වා 31, සුගන්ධිකා කුමාරි 11, අතිරේක 12 (චේතනා විමුක්ති 14/2, යසන්ති හේරත් 19/3, පියුමි වත්සලා 5/2, රශිමි සංජනා 6/3)
බඳුරලියට ඩක්වර්ත් ලුවිස් ජය ගෙනෙයි
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල පන්දු රැකීමට තීරණය කොට බඳුරලිය කාන්තා ක්‍රිකට් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල කඩුලු 9කට ලකුණු 137 (44)
විහාරා සෙව්වන්දි 24, ඉරේෂා දමයන්ති 15, උමයංගනා පීරිස් 26, හිරුනි හංසිකා 17, දිලූෂා හිඳගොඩ 10, අතිරේක 14 ( චමෝදි හේරත් 16/2, සනුකි පතිරගේ 23/3, චමරි ලක්ෂාණි 13/2)
සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 114 (39)
ළිහිණි අප්සරා 19, සෙත්මි නෙහාරා 9, චතුරානී ගුණවර්ධන 27, අමා කාංචනා 25, චමෝදි ප්‍රබෝධා 14, අතිරේක 9 (හිරුණිකා නිවර්තනා 23/4, උමයංගනා පීරිස් 14/2)










