මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (25) රාත්රීයේ වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු, වෙඩික්කරු සමග පොර බැදීමක් සිදුකිරීමෙන් පසු සැකකරු පලාගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ගිනිඅවිය, සජීව පතරොම් 4ක් සහ හිස් කොපුවක් එම වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ තිබී හමුව ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.











