කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 26 වන දා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බෝතලයකින් පහර දී තුවාල සිදුකිරීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව එම සැකකරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර දී යි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (27) අදාළ ඔහුව අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත ඉදිරිපත් කළ බවයි.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 52 හැවිරිදි නාගොඩ, කළුතර ප්‍රදේශයේ පදිංචි හිටපු නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්.
සැකකරු අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.











