දේශීය

අයිරාංගනී මහත්මිය ගැන සමාජ මාධ්‍යයේ පැතිරුණු කතා පිළිබඳ පුත්‍රයා හඬ අවදි කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ අභාවප්‍රාප්ත වි ඇතයි මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යක් බව ඇයගේ පුත් රංජිත් සේරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

තම මව හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඇය කෝට්ටේ පිහිටි ඇගේ නිවසේ පදිංචිව සිටින බවයි ඔහු පැවසුවේ.

රන්ජිත් මහතා වැඩිදුරටත් කියා සිටියේ වරින්වර සාමාජ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය වෙන මෙවැනි ව්‍යාජ පුවත් ගැන දැඩි ලෙස කණස්සල්ලට පත්වන බවයි.

අසත්‍ය වාර්තාවලින් පසුව, ක්ෂේත්‍රයේ බොහෝ කලාකරුවන් සහ සගයන් ඇයගේ සුව දුක් පිළිබඳව විමසීමට සම්බන්ධ වූ බවත් ප්‍රකාශ කළා.

Shares: