විදෙස්

රුසියාවෙන් තෙල් නොගන්නැයි නේටෝ රටවලට ට්‍රම්ප්ගෙන් බලපෑම්..

 

රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත් යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කරන ලෙසත් ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සියලු‍ම නේටෝ රටවල් එක්ව රුසියාවට සම්බාධක පැනවිය යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම, ඉදිරියේ දී රුසියානු යුක්රේන අර්බුදය අවසන් කිරීම සඳහා තවදුරටත් බලපෑම් එල්ල කරන බවද ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

Shares: