රජයේ ගැසට් නිවේදන අංක 2442 – 2025.06.20 පරිදි ශ්‍රී ලංකා පොලීසියේ උප පොලිස් පරික්ෂක සහ පොලිස් කොස්තාපල් තනතුරු සඳහා නිලධාරින් බඳවා ගැනීමේ ලිඛිත පරික්ෂණය 2025.10.04 දින පැවැත්වෙනවා.
ඒ අනුව, විභාග අපේක්ෂකයින් 7,036 දෙනෙකු සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 07 කදී පහත පරිදි පැවැත්වීමට නියමිතව ඇති.
උප පොලිස් පරික්ෂක තනතුර සඳහා වන බඳවා ගැනීමේ ලිඛිත පරික්ෂණය ඔක්තෝම්බර් මස 04වනදා ප.ව 01.00 සිට ප.ව 03.00 දක්වා සහ පොලිස් කොස්තාපල් තනතුර සඳහා වන බඳවා ගැනීමේ ලිඛිත පරික්ෂණය එදිනම පෙ.ව 10.00 සිට පැය පෙ.ව 12.15 දක්වා පැපැවැත්වෙනවා.
පහත විභාග මධ්‍යස්ථාන…
1. විවේකානන්ද විද්‍යාලය, කොළඹ 13
2. හමීඩ් අල් හුසේනි විද්‍යාලය, කොළඹ 12
3. ගුරුකුල විද්‍යාලය, කැලණිය
4. ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර
5. සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර
6. වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය, අනුරාධපුරය
7. ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල.
විභාගය සඳහා සුදුසුකම් ලැබ, 2025.09.30 දින වන විට විභාග ප්‍රවේශ පත්‍රය නොලද අපේක්ෂකයින් හට විභාග ප්‍රවේශ පත්‍ර සම්බන්ධව විමසීම් 011- 2687339 හෝ 011 –2687329 දරණ දුරකථන මගින් සිදු කල හැකියි.











