කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් දෝහා හි පැවති සාකච්ඡාවලින් පසු පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සතියක ආසන්න කාලයක් තිස්සේ පැවති දරුණු දේශසීමා සටන්වලට කෙටි විරාමයක් ලබා දෙමින් ක්‍රියාත්මක කළ පැය 48ක සටන් විරාමය කඩකළ බවට කාබුල් පාලනය මීට පෙර ඉස්ලාමාබාද්ට චෝදනා කර තිබෙනවා.











