දේශීය

නීතිඥ හා වෛද්‍ය වෘත්තික වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කරන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍ය

නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එසේ ලාංඡන ඉවත් කිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව බවයි.

Shares: