විදෙස්

උගන්ඩාවේ රිය අනතුරකින් 46ක් ජීවිතක්ෂයට

උගන්ඩාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක වාහන කිහිපයක් ගැටීමෙන් පුද්ගලයින් හතළිස් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට පොලිසිය කලින් මරණ සංඛ්‍යාව 63ක් ලෙස වාර්තා කළද ඔවුන් වැරදි ලෙස ඊට සිහිසුන්ව සිටි සහ දැන් ප්‍රතිකාර ලබමින් සිටි වින්දිතයින් ද ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ දීයි.

එම මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කළ බස් රථ දෙකක් තවත් වාහන දෙකක් (ලොරියක් සහ මෝටර් රථයක් ) අභිබවා යාමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු ව ඇති බව උගන්ඩා පොලිස් බලකාය ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අනතුර වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී බස් රථයක් තවත් බස් රථයක ගැටී ඇති අතර එම අනතුරින් බස් රථ දෙකෙහි වූ තවත් මගීන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් බටහිර කිර්යන්ඩොන්ගෝ නගරයේ විවිධ රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා බවද සඳහන්.උගන්ඩාවේ රිය අනතුරකින් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

Shares: