ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති නලින් ධම්මික මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි.
ඊට විරෝධය පල කරමින් මෙම සංකේත වැඩ වර්ජනය සිදුකරන බවයි එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.










